Description
එමිල් පොත් කට්ටලය Rs 725 with discount Rs. 580/
ඒමිල් ගැන අහලා නෑ?
ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ළපටි වගේම වැඩිහිටි කෝටි ගණනක් දෙනා ඔය දග පැංචා ගැන දන්නවා.
ඒමිල්ගේ චරිතය මැවූ ඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රන්ගේ පොත්, ලෝකයේ භාෂා අසූපහකට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා ඒමිල් ජීවත්වෙන ස්වීඩනයේ, ස්මෝලන්තෙ, ලොන්නබැරියේ ගමේ අය පමණක් නොවෙයි මුලු ලෝකයේම අය එයාගෙ දග වැඩ ගැන අහලා තියෙනවා. පෙනුමෙන් නම් පුංචි ඒමිල් පුංචි සුරදූතයෙක් වගේ. ඒත් එයාගෙ වැඩ නම් ඉතින්…. නැහැ! කියවලාම බලන්නකෝ.
ඒමිල් හැම තිස්සෙම මොකක් හරි ජරමරයකට හුටපටයකට පැටලෙනවා. සමහරක් හිතාමතාම කරන ඒවා. සමහරක් නොදැනුවත්වම සිද්ද වෙන ඒවා. මේවා ගැන ඒමිල්ගේ අම්මා නිල් පාට කවර තියෙන ඇක්සයිස් පොත්වල ලියලා තිබ්බා.ලොකු පොඩි කවුරුත් ඒ කතා කියවන්නේ හරි ආශාවකින්. කැමැත්තකින්. බාගදා ළමයින්ට ඒ අයට අහිමි ළමා කාලයත්, වැඩිහිටියන්ට ගෙවී ගිය ළමා කාලයත් මතක් වෙන හින්දා වෙන්නැති.
කූරියරි ගාස්තු දැන ගැනීම සදහා අපට ඉන්බොක්ස් කරන්න
Reviews
There are no reviews yet.