Description
මෑත කාලීන ශ්‍රී ලංකාවේ දේශපාලනමය හා යුදමය තත්ත්වය පසුබිම් කොට ලියූ නවකතාවකි. නිමල මල කතාවෙන් පැවසෙන්නේ යුද්ධය ගැන නොව, යුද්ධයේ දේශපාලනය ගැනයි. වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදී මෙහෙයුම්වලට සහභාගි වූ සොල්දාදුවෙකුට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද කතාව නිමල මල තුළින් විදාරණය කෙරේ. දෙමළ විමුක්ති කොටි ව්‍යාපාරයේ ආරම්භය, සටන් විරාම ගිවිසුම, යුද්ධය හා සාම කාලයේ එන්.ජී.ඕ. ව්‍යාපාරවල හා ජාත්‍යන්තරයේ ක්‍රියාකාරකම් ගැන යළි විමසා බලමින් වර්තමානයේ ජිනීවා යෝජනා ගෙන එන මහා අනතුර සවිස්තරව දක්වා සිටියි. යුද්ධයෙන් හෝ සටන් විරාම ගිවිසුමෙන් ලබාගත නොහැකි වූ දේ ජිනිවා යෝජනා හා ව්‍යවස්ථා සංශෝධන ලබාගැනීමට දරන උත්සාහය ද එයින් අනාවරණය කෙරෙයි. |
Reviews
There are no reviews yet.