Description
නිෂ්ක්‍රාන්තිය Rs. 500 – 10% discount Rs. 450/=
”1976 දිනක අම්මාට ගෙදර එන පාර අමතක වී තිබිණ. ඇය මොරටුවේ පරණ ගාලූ පාරේ හොරේතුඩුව පාලම අසල වී සිටියදී රත්නපුරයේ හත හා අටවන ශ්‍රේණිවලදී මගේ පන්තියේ සිටි චින්තා වාස් ගුණවර්ධන හමු වී තිබිණ. චින්තා අම්මා කැටිව විවාහ වූ අළුත අප පදිංචිව සිටි පුරන්අප්පු රජ මාවතේ නිවසට ආවාය. මෙය චිත්‍රපටියක හෝ නවකතාවක හෝ සිද්ධියක් වූවා නම් අප එය විවේචනය කරන්නේ අභව්‍යය සිදුවීමක් ලෙසය. සැබෑ ජීවිතයේ එවැනි සිදුවීම් සුලබ නැතත් එය සැබැවින්ම සිදු විය. එසේම අම්මා වරක් රත්නපුරයේ කෙනෙකු යයි කී නාඳුනන ස්ති‍්‍රයකට නවාතැන් දුන්නේ ඇය රාති‍්‍රයේ තනිව බස් නැවතුම්පළක සිටි හෙයිනි. ඊට සාක්ෂිය එ් අවස්ථාවේ අප සමඟ ගමන් කරමින් සිටි අප කොට රංජා යයි හඳුන්න නළුවකු හා ගායකයකු වන මොරටුවේ රංජිත් පීරිස් ය.
මේ සිදුවීම් දෙක මෙම කෘතියට ඇතුළත් නොවන නමුදු මතකය ගිලිහුණ චරිතයක් සිතට ඇතුළු වූයේ එ් කාලයේය. අම්මා අවුරුදු 54න් මිය යන තුරු ද ඇගේ මතකය අවුල් වී තිබිණ. ඇයට කිසි විටෙක මගේ නම අමතක වූයේ නැතත් ඇය කතා කළේ රත්නපුරයේ සිදුවීම් පමණ ය.
මේ කතාවට අම්මාගේ ඍජු සම්බන්ධයක් නැතත් ඇගේ මතකය අහිමිවීම මීට බලපාන්නට ඇත. මීට ඍජුවම බලපෑවේ අපේ කාලයේ දේශපාලන පසුබිමය. බැංගලෝරයේ ප්‍රථම විකල්ප පුවත්පත ලංකේෂ් පති‍්‍රකාවේ කතුවරියට වෙඩි තබා ඝාතනය කළේ 2017 දී ය. ගෞරි ලංකේෂ්ගේ මරණය දැනගත් දිනයේ මා මෙය කෙටිකතාවක් ලෙස ලියන්නට පටන් ගත් නමුදු එය අතරමග නැවතුණි. ඉන්පසු ධර්මශාලාවේ පරිවාර නගරය මැක්ලියොඞ් ගන්ජ් හී සිටියදී රට හැර ගිය හා පිටුවහල් කළ අය සඳහා පොදු වචනයක් සොයන විට නිෂ්ක‍්‍රාන්ත් යන හින්දි වචනය ඉගෙන ගතිමි. මෙහිදී මා එය යොදා ගන්නේ අතුරුදහන් වූවන් ද, රට හැර ගිය වුන් ද, දේශපාලන දඩයම් ලෙස ජීවිත අහිමි වූවන් ද ආවරණය වන පුළුල් පරාසයකිනි.”
– සුනේත්‍රා රාජකරුණානායක
Reviews
There are no reviews yet.