Description
මසුරාගේ දියණිය නමින් සිංහලට පරිවර්තනය වූ (Eugenie Grandet) ඉවුෂිනී ග්රොදේ නමැති ප්‍රංශ නවකතාව ඇතුළු ප්‍රබන්ධ රාශියක් ලියූ ප්‍රංශ මහ නවකතාකරු ඔනොරේ ද බල්සැක් 1799 ප්‍රංශයේ තුර් නගරයේ දී උපන්නේය. මුලදී ප්‍රබන්ධ රාශියක් ව්‍යාජ නාමයෙන් පළ කළ බල්සැක් සිය නියම නමින් නවකතා අනූවක් පමණ ලිවීය. ඉන් බොහොමයක් ඒවා විශිෂ්ට ප්‍රබන්ධය. මේ සියල්ල ඔහු විසින් හඳුන්වනු ලැබූයේ (The Human Comedy) මානව ප්‍රහසන යන පොදු නමිනි. පෝලන්ත ජාතික සිටුවරියක් වූ ඉඛෙලිනා හැන්ස්කා සමඟ දහ අට වසරක් පමණ කාමුක සබඳතා පවත්වා සරණ පාවාගත් නමුදු මාස කීපයකට පසු 1850 දී බල්සැක් මිය ගියේය. බල්සැක්ගේ නවකතා බොහොමයක තේමාව අසීමිතව මුදල් ගොඩගසා ගෙන එමඟින් සිය බලය තරකර ගැනීමට මිනිසා තුළ පවත්නා අධික තණ්හාවය. මෙම නවකතාව එම තේමාව තුළින් පාඨකයා අද්විතීය චරිත හා සිද්ධි නිරූපණයෙන් ගහණ චමත්කාරජනක මනඃකල්පිත ලොවකට රැගෙන යන ආකාරය විශ්මයජනකය. බල්සැක්ගේ විශ්ෂ්ටතම නිර්මාණය මසුරාගේ දියණිය බව බොහෝ විචාරකයන්ගේ මතයයි. |
Reviews
There are no reviews yet.