Description
12.12.12 Rs. 850 -15% Discount Rs. 722/=
එක්තරා සුවිශේෂ වූ රාත්‍රියක පැරිස් අහසින් මින් පෙර නොවූ විරූ තරම් හිම කැටි කඩාහැලෙන්නට විය. පැරිස් වැසියන් පසුදා අවදි වූයේ හිමපතනයකින් පසු හාත්පස දිස්වන සුදු පැහැ දීප්තිය ද සමඟිනි. එහෙත්, පෙරදින රාත්‍රියේ සතුටින් නින්දට ගිය ඇතැමෙකුට පසුදා මේ සොඳුරු දසුන දැකගන්නට තරම් වාසනාවක් නොවී ය.
අපරාධකරුවෙකුට නම් අධික හිමපතනයක් සිදුවන රාත්‍රියක් යනු, අපරාධයක් සිදු කර පලා යන්නට කදිම අවස්ථාවකි. මං මාවත් පාළුවට යයි. බොහෝ සාක්ෂි හිමෙන් වැසී යයි. ඉතා පලපුරුදු අපරාධකරුවෙකුට වුවද සාක්ෂියක් ඉතිරි නොවන සේ අපරාධයක් කිරීම ඉතාමත් අසීරු ය. එහෙත්, එදින රාත්‍රියේ පැරීසියට පැමිණි පුද්ගලයා නම්, ඉතාමත් සූක්ෂම අයුරින් පැන ගොස් ඇත.
හිම කඳු වලින් මුළු පැරීසියම වැසී යද්දී, අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීහු අපරාධකරු අල්ලා ගැනීමට යුහුසුළු වූහ. බැලූ බැල්මටම මෙය පළපුරුදු අපරාධකරුවෙකු අතින් වූ පරිපූර්ණ මිනීමැරුමකි. විසඳාගත නොහැකි ප්‍රහේලිකාවක ඔවුහු අතරමං වී සිටිති. එමෙන්ම, ඔවුන්ගේ හිස මත ඇති පීඩනය ඉතා අධික වන්නේ අපරාධ වාර්තා ඉතාමත් අඩු මට්ටමක පවතින පැරිස් නගරයේ ගෞරවය රැක ගැනීම ඔවුන්ගේ දෑත් මත බැවිනි. කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර පැන ගිය මෙම අපරාධකරුවා අල්ලා ගැනීමට අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට හැකියාව ලැබේ ද?
පොත අතට ගත් මොහොතේ පටන් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් නරඹන්නාක් මෙන් ඉතාමත් කුතුහලයෙන් යුතුව පැරීසියේ වීදි පුරා සැරිසරමින් අපරාධකරු හඹායාමට ඔබට හැකියාව ලැබෙනු ඇත. නොසැලකිය හැකි තරම් කුඩා නිරීක්ෂණ, සාක්ෂි පසුපස පවා දිව යනු ඇත. ඔබ ද පැරිස් අපරාධ පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු බවට නිතැතින්ම පත් වනු නොඅනුමාන ය. අපරාධකරුවන්ට මෙන්ම පරීක්ෂකවරුන්ට ද හදිසියේ සැලසුම් වෙනස් කරමින් ක්ෂණික තීරණ ගන්නට සිදු වනු ඇත.
මේ වනාහී රචකයා තම හිතු මනාපයේ ගොඩනැගූ ප්‍රබන්ධයක් නොවේ. අදාල සියළු කරුණු කාරනා මෙන්ම ප්‍රංශ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ කරන ලද මනා අධ්‍යයනයකින් පසු, අපරාධ පරීක්ෂණ නීතිය පිළිබඳ සත්‍ය තොරතුරු පදනම්ව ලියූවකි. කතාවේ සාර්ථකත්වයට එය මනාව ඉවහල් වී ඇතැයි පැවසිය යුතු ය. එමෙන්ම පාඨකයාට අපරාධ පරීක්ෂණ ක්‍රමවේද පිළිබඳවත්, ලංකාවේදී අත්විඳින්නට නොලැබෙන ආකාරයේ ඇතැම් ප්‍රංශ නීතිරීති පිළිබඳවත් තොරතුරු බොහොමයක් මේ හරහා දැන්නගන්නට ලැබීම ද විශේෂත්වයකි. මේ නිසාම ඉතා සාර්ථකව ගොඩනගා ඇති මෙම කතාව ශ්‍රී ලාංකේය ප්‍රබන්ධ කතා ඉතිහාසයේ ඉතාමත් සාර්ථක ‘ත්‍රාසජනක ප්‍රබන්ධයක්’ බවට පත් වනු ඇත. එමෙන්ම, කවදත් නවමු අත්දැකීම් සමඟින් හොඳම පොත් අප වෙත ලබා දෙන මියුසස් පබ්ලිෂිං හවුස් ආයතනය මෙවර ද එය ඉතාමත් අගනා අයුරින් ඉටු කර තිබේ.
දිලීප ජයකොඩි මහතා පවසා තිබූ පරිදි මෙහිදී පාඨකයා “පොත්අඩංගුවට” පත් වන බව නම් හොඳටම විශ්වාස ය. “පොත්අඩංගුවෙන්” මිදෙන විට ඔබට ඇති වන හැඟීම පිළිබඳව නම් වගකියන්නට නොහැකි ය.?
“මෙලොව සිදුවන බොහෝ හමුවීම් මෙන් ම ඔවුන් දෙදෙනාගේ හමුවීම ද අහම්බයකි.” එහෙත්… අවසානයේ මෙම #අහම්බය ඔබට සිතා ගත නොහැකි පිරිසකගේ අනාගත ඉරණම කිසිවෙකුටත් සිතා ගත නොහැකි අයුරින් වෙනස් කිරීමට සමත් වේ.
Reviews
There are no reviews yet.