Description
අස්ථි නගරය Rs.1400 -15% discount Rs.1190/-
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේට නිව්යෝර්ක් නගරයේ පැන්ඩමෝනියම් ක්ලබ් නම් රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටියදී ඇය බලාපොරොත්තු නොවූ අවස්ථාවක, සිරුරේ අමුතු පච්ච කොටා ගත් යෞවනයන් තිදෙනෙකු විසින් අමුතු ආයුධවලින් සන්නද්ධව සිදු කරන ලද මිනීමැරුමක් දැකගන්නට ලැබේ… මොහොතක ඇවෑමෙන් මළ සිරුර වාෂ්ප වූවාක් බඳුව නොපෙනී යයි. මිනීමරුවන් අන් කිසිවකුටවත් නොපෙනීමත් පිරිමි ළමයකු මියගොස් ඇති බව පෙන්වීමට අඩුම තරමින් ලේ ගන්ධයක්වත් නොමැති විමත් නිසා පොලිසියට මේ ගැන දැනුම් දීගත නොහී ක්ලැරී අසරණ වන්නී ය. සැබවින්ම මිය ගියේ පිරිමි ළමයෙක් ද ? යක්ෂයන් පොළොවෙන් පලවා හැරීමට කැප වූ රණශූරයන් වන සේයා දඩයක්කරුවන්ගේ සහ ක්ලැරීගේ පළමු හමුව සිදුවන්නේ මෙයාකාරයෙනි. මදක් දේවදූතයෙකු මෙන් ද ඊටත් වැඩියෙන් කරදරකාරයකු මෙන් ද පෙනෙන සේයා දඩයක්කරුවකු වන ජේස්, ඇය හමු වූ පළමු අවස්ථාව ද මෙය යි. පැය විසිහතරක් වැනි කාලයක් ඇතුළත ක්ලැරීගේ මව අතුරුදහන් වීම, කැලැරී, ජේස්ගේ ලෝකයට ඇද ගෙන යාම, ක්ලැරී යක්ෂයකුගේ ප්‍රහාරයකට ගොදුරු වීම ආදී සිදුවීම් රාශියක් සිදුවන්නට වන්නේ ය. ක්ලැරී සහ ඇගේ මව වැනි සාමාන්‍ය ලෞකිකයන් ගැන යක්ෂයන්ගේ අවධානය යොමු වන්නේ මන්ද? හදිසියේම ක්ලැරීට අනෙක් සාමාන්‍ය ලෞකික මිනිසුන්ට නොපෙනන දෑ පෙනෙන්නට හේතුව කුමක් ද? මේ ගැන දැනගැනීමට සේයා දඩයක්කරුවෝ ද උනන්දු වෙති…
This book is the sinhala translation of “City of Bones” the first urban fantasy book by author Cassandra Clare.
Reviews
There are no reviews yet.