20% OFF

කෙහෙලි ප්‍රකාශකයන්ගේ නවතම කෘතීන්

රු2,200.00 රු1,760.00

In Stock

Quick Overview

යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්, සිලෝන් – ආදම්ගේ පාරාදීසය, yapa patune sita kolabata pa gamanak, ceylon adamge paradisaya, Travels on foot through the island of ceylon, CEYLON – THE PARADISE OF ADAM,

Why shop from BookHunter?
FastDelivery

Deliver within 2-5 days to your door step

100% Guarantee

100% guarantee about quality and safe of your order

Description

යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් රු.620 -20% වට්ටමක් සමග රු.496/=
සිලෝන් – ආදම්ගේ පාරාදීසය රු.880 -20% වට්ටමක් සමග රු.704/=
මහේ සාක්කිය රු.700 -20% වට්ටමක් සමග රු.560/=

පොත්වල වටිනාකම = රු. 2200

වට්ටම් සමග මිල =රු. 1760

ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ “Travels on foot through the island of ceylon ” කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ.මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග පැමිණෙන්නේ පා ගමනිනි.සමකාලීනව උඩරට පාලනය කළ රජතුමා ඔහු දකින්නේ අධිරාජයකු තරම් බලසම්පන්නවය. ලංදේසි පාලන සමයේ යාපා පටුනේ සිට කොළඹට එද්දී පසු කළ ප්‍රදේශ, ගංගා , වනාන්තර , ගම්මාන සහ ඒවායේ වැසියන් පිළිබඳ හාෆ්නර් මෙම කෘතියෙන් විස්තර කරයි .කුමාර සිරිවර්ධන මහතා අතින් “යාපා පටුනේ සිට කොළඹට පා ගමනක් ” යනුවෙන් සිංහලට පරිවර්තනය වූ එම කෘතිය ළඟදීම කෙහෙලි ප්‍රකාශකයෝ වෙතින් ..

පිටු 212

 

CAROLINE CORNER
යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය “CEYLON – THE PARADISE OF ADAM” ය.

එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි.

කුමාර සිරිවර්ධන මහතා විසින් සිදුකළ එම කෘතියේ සිංහල පරිවර්තනය “සිලෝන් – ආදම්ගේ පාරාදීසය” ළඟදීම කෙහෙලි ප්‍රකාශකයෝ වෙතින් ඔබ අතට …….

පිටු 310

දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. “රසවාහිනිය” නම් ධර්ම ග්රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නො පැමිණී හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද, මායාවෙහිද වෙලී බැදුනු සිද්ධි දාමයක් “මහේසාක්කිය” නව කථාවට ප්රස්තූතය වී.
ශාන්ත බන්නක මහතා විසින් රචිත මෙම කෘතිය ළඟදීම කෙහෙලි ප්රකාශකයෝ වෙතින් …..
පිටු – 256

Reviews

There are no reviews yet.

Be the first to review “කෙහෙලි ප්‍රකාශකයන්ගේ නවතම කෘතීන්”

Your email address will not be published. Required fields are marked *

My Cart (0 items)

No products in the cart.