15% OFF

ලයනල් ප්‍රනාන්දු

රු510.00

Out of stock

Quick Overview

Lionel Fernando, Biography

Why shop from BookHunter?
FastDelivery

Deliver within 2-5 days to your door step

100% Guarantee

100% guarantee about quality and safe of your order

Description

ලයනල් ප්රනාන්දු Rs. 600 – 15% discount Rs 510/=

ලයනල් ප්රනාන්දු බලයේ සිටි ආණ්ඩු එක්ක සෙට් වෙලා හිටියා. ඔහු රාජ්ය සේවකයන්ගේ කොඳු කඩපු සිස්ටම් එකට අනුගත වුණා.’

ඔන්න, ලයනල් ප්රනාන්දු ගැන දෙවතාවක් විතරක් ඇසී ඇති එකම විවේචනය මුලින්ම සටහන් කළා.

කලාතුරකින් ඇහෙන (ගොඩක් අය විශ්වාස නොකරන) උඩ කතාවේ ඇත්තක් තියෙනවාද?

සමහර වෙලාවට අපි කැමතියි දේශපාලනයේ, සමාජයේ, කලාවේ ඉන්න මිනිසුන් ‘මෙහෙමයි’ කියලා කියන්න. මමත් ඒක කරනවා. අපි හැමෝම ඒක කරනවා. ඔහු මෙහෙම කෙනෙක්. ඔහුට හිමි තැන මෙතැන කියලා කියනවා.
එහෙම කියන එක වරදක් නෑ. දේශපාලනික විචාරයක් කියන්නෙම ‘ඕක මෙහෙමයි’ කියලා කියන එක තමයි. ඒත් එහෙම කියන්න කලින් හොඳට කරුණු දැනගන්න ඕනෑ. මතුපිටින් බලලා, ඕක මෙහෙමයි කියන අය ඕනෑ තරම් ඉන්නවානේ. ලයනල් ප්රනාන්දු ගැන ඉහත කමෙන්ට් එකත් මා දකින්නේ ඒ වගේ දෙයක් විදියට.

ලයනල් ප්රනාන්දුගේ ජීවිතයේ ඉතාම තීරණාත්මක සිදුවීමක් දෙකක් දිහා බැලුවොත්, ලයනල් ප්රනාන්දු කොන්ද කඩාගෙන, දේශපාලනඥයන් එක්ක සෙට් වෙලා හිටපු කෙනෙක් නොවෙන බව පැහැදිලි කරගන්න පුළුවන්.
සිදුවීම් දෙකක් ගැන කියන්න පුළුවන්. මේවා බොරු කියලා කියන්න බැහැ. ඒ ඒ ආයතනවල ඉතිහාසයට ගියාම පැහැදිලිව සටහන් වෙලා තියෙන සිදුවීම්.
1978 දී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වෙනකොට ලයනල් ප්රනාන්දු ස්කාගාර සංස්ථාවේ ප්රධානියා. ලංකාවේ දැවැන්තම සමාගමක්. සංස්ථාව ආවේ රොනී ද මැල් කියන එවකට එජාපයේ බලවත් ඇමතිගේ යටතට. නිහඬව, අවනතව හිටියානම් ජයවර්ධන ආණ්ඩුවේ හොඳ තැනකට ලයනල් ප්රනාන්දුට යන්න තිබුණා. ඒ දවස්වල හැමෝම බැලුවේ මේ බලවත්, ජනප්රිය ආණ්ඩුවට කොක්කක් ගහන්නේ කොහොමද කියලයි.

ඒත්, ඉතිහාසය තියෙන්නේ එහෙම නෙවෙයි. රොනී ද මැල් ඇමතිවරයා ටෙන්ඩරයක් වෙනස් කරන්න කියලා කරපු බලපෑමක් පිළිනොගෙන, ලයනල් ප්රනාන්දුම ස්කාගාර සංස්ථාවෙන් ඉල්ලා අස්වුණා. ඊට පස්සේ ඔහුට තනතුරක් නොදී සෑහෙන දවසක් ‘පූල් එකේ’ තිබ්බා.

ඔහු යාපනයේ දිසාපති වෙලා යන තැනට කැරකුණේ ඊට පස්සේ. ඒ කාලයෙ යාපනයේ දිසාපති කියන තනතුර, උසස් හෝ ගෞරවණීය තනතුරක් නෙවෙයි. ඒක ඒ දවස්වල ලංකාවේ ඉඳගන්න බැරි තරමට රත්වෙච්ච පුටුව. කලින් හිටපු දිසාපතිවරයෙක්, එක කලබලයක් මැඬලන්න බැරිව හැංගුණාලු. උතුරේ මිනිසුන් දකුණෙන් එන ‘සිංහල’ නිලධාරීන්ව සැලකුවේ ‘යටත් විජිතයක්’ පාලනය කරන්න එවපු අය විදියට. උතුරේ පීඩනය හිතාගන්න බැරි තරම්. පුටුවෙ ඉඳගන්න කෙනෙක් නැති නිසයි මේ තරුණ නිලධාරියාව යාපනේ යැව්වේ. මේ සිංහල නිලධාරියා, කේන්තියෙන් ඉන්න දෙමළ මිනිසුන්ගෙ හිත දිනාගෙන නොහිතපු ‘මැජික්’ එකක් කරයි කියලා කවුද හිතුවේ.
දෙවැනි සිදුවීම පසුව කියන්නම්..
–තරිඳු උඩුවරගෙදර–

Additional information

Weight 0.6 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ලයනල් ප්‍රනාන්දු”

Your email address will not be published. Required fields are marked *

My Cart (0 items)

No products in the cart.